#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව - දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව

වැඩිදුර විස්තර දැනගන්න

පසුව 2005 වර්ෂයේදී දකුණු පළාත් සභා විසර්ජන ප්‍රඥප්තියේ අනුමැතිය අනුව මුදල් ප්‍රකාශය මගින් අභ්‍යන්තර විගණන ඒකකය දකුණු පළාත් සභාවේ දෙපාර්තමේන්තුවක් ලෙස සලකා වෙනම වැයශීර්ෂයක් හඳුන්වා දී 2005 වර්ෂයේ සිට මේ දක්වා පළාත් භාණ්ඩාගාරයේ වැය ශීර්ෂයක් හිමි දෙපාර්තමේන්තුවක් වශයෙන් 323 වැය ශීර්ෂය යටතේ ඇස්තමේන්තු කිරීම, මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම, අක්මුදල් නිදහස් කිරීම, ගිණුම් තැබීම, වාර්තාකරණය, විසර්ජන ගිණුම හා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සිදු කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1567 දරණ 2008 සැප්තැම්බර් මස 12 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුව 2008/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාවේ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව නීතිගත කර ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇත.

පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ රීති 79.4 යටතේ මනා යහ පරිපාලනයක් තුළින් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමට ප්‍රධාන ලේකම්ට සහය වීම සඳහා ඔහු යටතේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවක් තිබිය යුතුය යනුවෙන් පළාත් මූල්‍ය රීති පනවා ඇත

2005 වසරේ සිට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වශයෙන් මෙම පළාත් සභාවේ ගණන් දීමේ නිලධාරියෙකු ලෙස පත් කර කටයුතු කරමින් සිටී.

2005 වසරේ සිට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වශයෙන් මෙම පළාත් සභාවේ ගණන් දීමේ නිලධාරියෙකු ලෙස පත් කර කටයුතු කරමින් සිටී.