#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව - දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

     අරමුණු ...

අපගේ අරමුණු

අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහා වාර්ෂික විගණන සැලැස්මට අනුකූල වන පරිදි මාසිකව විගණන වැඩසටහන සකස්කර විගණන කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම හා අධීක්ෂණය කිරීම.

මාසික විගණන වැඩසටහනට අනුව විගණන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් ආයතනික පද්ධති ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.

රට හදන සෞභාග්‍යයේ දැක්ම පිළිබද රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව වංචා දූෂණ හා නාස්තිය පිටුදැකීම සඳහා ආයතනවල කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා මඟ පෙන්වීම.

අභ්‍යන්තර විගණන නිලධාරීන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත අරමුණු ළඟාකර ගැනීමේ ප්‍රගතිය විමසීම හා කාර්ය සාධනය පිලිබඳ ප්‍රගතිය පරීක්ෂා කිරීම.

පවතින නීති රීති රෙගුලාසිවලට අනුකූල වන පරිදි ආයතන කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීම සිදුකර තිබේද යන්න පිළිබඳ පසු විපරම් සිදු කිරීම.

චක්‍රලේඛ හා නීතිරීතිවලට අනුකූල නොවන අවස්ථාවලදී උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීම තුළින් ක්‍රියාවලින් ප්‍රතිසංවිධානය කිරීමට මඟ පෙන්වීම.

අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීමට පවතින නීති රීති හා රෙගුලාසි යොදා ගැනීමේ අඩුපාඩු හා දුර්වලතාවයන් හඳුනාගෙන ඒ සම්බන්ධව නිරීක්ෂණ ඉදිරිපත් කිරීම.

දකුණු පළාත් සභාවේ ආයතන 2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරිම පිළිබදව පරීක්ෂා කිරිම.

හිඟ ආදායම් අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමේ ප්‍රගතිය විමසා බැලීම හා උපදෙස් ලබාදීම.

වාර්ෂිකව හිඟ ආදායම් එකතු කර ගැනීමේ ප්‍රගතිය විමසා බැලීම තුළින් නව ඉලක්ක ඉටුකර ගැනීමට උපදෙස් ලබාදීම.

පළාත් සභා වත්කම් ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රමවේදවල ප්‍රගතිය විමසීම.

වාර්ෂික ගබඩා සමීක්ෂණවල ප්‍රගතිය විමසීම් කිරීම තුළින් ආයතනික වත්කම් සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම.

අලාභ හානිවලට වගකීම් පැවරීම තුළින් වත්කම්වල සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි ඉදිරි කටයුතු ඉටු කිරීම.

වත්කම් කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම.

බාහිර විගණනය මගින් පළාත් සභා ආයතනවල කාර්යසාධනය පිළිබඳව විගණනය කිරීම තුළින් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත කරන තත්වා ගණනයන් අවම කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට පළාත් සභා ආයතන යොමු කිරිම.

අන්තර් පළාත් අභ්‍යන්තර විගණන වැඩමුළු සංවිධානය කිරීම තුළින් අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම.

විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධවී පළාත් අතර ඒකාකාරී වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු මෙහෙයවීමට දැනුවත් කිරීම.

නව ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සම්බන්ධ පුහුණු වැඩමුළු සංවිධානය තුළින් විගණන නිලධාරීන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම.

කාර්ය මණ්ඩලය අධීක්ෂණය හා මෙහෙයවීම.

මුල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වා ගෙන යාම.

සම්පත් උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම.